huatong
huatong
avatar

Hadawanna maa හඬවන්න මා

Niranjala Sarojinihuatong
✨🌟💫𝗦𝗧𝗵𝗮𝗿𝗮𝗸𝗮තාරකා💫🌟✨huatong
الكلمات
التسجيلات
හඬවන්න මා.. රළ බිඳින සයුර සේ ..

රිදවන්න මා...පෙති සිඹින කුසුම සේ ..

මට සැපතකි එහේ..ත්

ඉවසන්න බැහැ මේ ..මුනිවත ඔබේ ..

මුළු තිස්පැයේ මග බැලූ නෙත ගිලී..

රෑ තිස් පැයේ සිත රැඳි ලැව්ගිණී..

හිස අත තැබූ තෙම තෙමා කඳුළිනි ..

උන් මට අනේ ඉවසන්න බැහැ මේ.. මුනිවත ඔබේ ..

හඬවන්න මා ...රළ බිඳින සයුර සේ ..

රිදවන්න මා ..පෙති සිඳින කුසුම සේ ..

මට සැපතකි එහෙත් ..

ඉවසන්න බැහැ මේ ..මුනිවත ඔබේ ..

ගිරිකුළ ඔබයි මා සුළං රැල්ලකි ..

වනපෙත ඔබයි වන මලකි මා තණී..

සැඩ හිරු ඔබයි පිනි පොදකි මා රැඳී ..

ඇයි හිමියනේ ..ඉවසන්න බැහැ මේ.මුනිවත ඔබේ

හඬවන්න මා.. රළ බිඳින සයුර සේ ..

රිදවන්න මා.. පෙති සිඳින කුසුමසේ..

මට සැපතකි එහෙත් ..

ඉවසන්න බැහැ මේ.. මුනිවත ඔබේ..

المزيد من Niranjala Sarojini

عرض الجميعlogo