huatong
huatong
avatar

Amme Mathakai Nam

Raniduhuatong
soccerchick1_starhuatong
الكلمات
التسجيلات
අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

ඔබ මට ගී කිව්වා.

අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

මා ලඟ නිදිවැරුවා.

මට හීන ගෙනාවා

ඒ හීන පිබිදුවා

මට අකුරු කියෙව්වා

මගෙ දෑස පෑදුවා

ඉර හඳද පෙන්නුවා

හොඳ නරක පැහැදුවා

පාසැලට හැරලුවා

මගෙ කඳුලු පිසලුවා

නිම් නෑ මගෙ අම්මෙ

ඔබෙ සිහිලස සසරේ

ඔබගෙ කරුණාබර ආදරේ සදා.

මියයනතුරු මෙලොවේ

ඔබෙ මුදු ගුණ ගැයුවේ

ඔබගෙ මුදිතා ගුණ සාගරේ සදා.

අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

ඔබ මට ගී කිව්වා.

අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

මා ලඟ නිදිවැරුවා.

මට කිරුල හිමි කලා

මා ලොවට පැලඳුවා

මට ජයම අත් කලා

ඔබ කඳුලු සැගවුවා

ඔබෙ ආහසෙ මා තබා

ඔබ පොළොවෙම හිටියා

මා මිනිසෙකු වූදා

ඔබ මවකම වූවා

නිම් නෑ මගෙ අම්මෙ

ඔබෙ සිහිලස සසරේ

ඔබගෙ කරුණාබර ආදරේ සදා.

මියයනතුරු මෙලොවේ

ඔබෙ මුදු ගුණ ගැයුවේ

ඔබගෙ මුදිතා ගුණ සාගරේ සදා.

අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

ඔබ මට ගී කිව්වා.

අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

මා ලඟ නිදිවැරුවා.

අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

ඔබ මට ගී කිව්වා.

අම්මේ.

මතකයි නම්

මං පොඩි කාලේදී

මා ලඟ නිදිවැරුවා.

المزيد من Ranidu

عرض الجميعlogo