♥ ♥ ♥ ♥ ♥
1st Singer
කඳුලු හුරතල් වැඩිද මංදා...
පුංචි දේටත් ඇඬෙන හින්දා...
හීන කවදත් මැකෙන හින්දා...
හදේ ගැඹුරුම තැනක රන්දා...
කඳුලු දුක රහසේම වින්දා...
♥ ♥ ♥ ♥ ♥
2nd Singer
මලක මොලකැටි සුමුදු පෙති මත...
ලිවූ සෙනෙහස රිදුම් දෙන සඳ...
පලාගෙන නෙතු පියන් නොදැනිව...
කඳුල වැටුනා අහිංසක ලෙස...
කඳුලු හුරතල් වැඩිද මංදා...
පුංචි දේටත් ඇඬෙන හින්දා...
හීන කවදත් මැකෙන හින්දා...
හදේ ගැඹුරුම තැනක රන්දා...
කඳුලු දුක රහසේම වින්දා...
♥ ♥ ♥ ♥ ♥
1st Singer
නපුරු වී පෙම් විමන් බිඳලන...
හිතක් කොතරම් නපුරු වූවද...
කඳුලු හිනැහෙන විටදි නෙතු අග...
අසරණයි යලි තනයි පෙම් ලොව...
කඳුලු හුරතල් වැඩිද මංදා...
පුංචි දේටත් ඇඬෙන හින්දා...
හීන කවදත් මැකෙන හින්දා...
හදේ ගැඹුරුම තැනක රන්දා...
කඳුලු දුක රහසේම වින්දා...
Thank You♥
Damith Priyanath