menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
(A) හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න..

ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම

සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට

වරද මගේ රත්තරනේ කියලා දෙන්න..

(B) කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා

සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා

අමතක කරලන්නට බෑ මට නම් කිසිදා

ආදරේ කියා දුන්න ආදරී ඔයා..

(A) තැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා

සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා

අමතක කරලන්නට බෑ මටනම් කිසිදා

ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

(B) හිත අස්සට හීන ගොඩක් ගෙනල් දුන්න..

ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම

සුළඟ වගේ මා අතහැර දුරක යන්නට

වරද මගේ රත්තරනේ කියලා දෙන්න..

Athula Adhikari থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে

Athula Adhikari-এর Hitha Assata - লিরিক্স এবং কভার