එක හීන රෑක දෑත දෑත යා වෙලා
හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී දැනෙන මේ
හැඟුම දෝ ආදරේ
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී දැනෙන මේ
හැඟුම දෝ ආදරේ
(ඔය ඇස් කතා කරනවා)
(හැඟුම දෝ ආදරේ)
කොපුල් සිඹින යාමයේ
පබළු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න
අත්තටු හොයන්නෙපා
හැඟුම් සුවඳ මාරුතේ
පොකුරු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලිවෙලා ඉන්න
ඇස්වහ වදින්නෙපා
පුරුදුත් වගේ දැනෙනවා
පෙර භවේ හමුවෙලා
හුස්මක් පවා වදිනවා
අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී දැනෙන මේ
හැඟුම දෝ ආදරේ
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී දැනෙන මේ
හැඟුම දෝ ආදරේ