*****30 TH JANUARY 2021***** 
ගායනය : ඇන්ජලීන් ගුණතිලක සමග එච්. ආර්. ජෝතිපාල 
පද රචනය : ධර්මසිරි ගමගේ 
සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන 
*****INTRO***** 
(M)-මා පෙර සසරේ පැතූ පැතුම් 
මා මෙම සසරේ සිතූ සිතුම් 
මා මතු සසරේ උපදිනවා නම් 
ඔබ මට හමු විය යුතුයි කියා 
(F)-පෙර දවසක මා මලක් පුදා 
පෙර දවසක පහනක් දල්වා 
දන්නවාද කළ ප්‍රාර්ථනා 
ඔබ මට හමු විය යුතුයි කියා 
*****INTERLUDE***** 
*****CHINTHAKA ***** 
*****BOK වැඩක්***** 
(M)-නිහඬ රැයක මාගෙ පැලේ තනිවී 
සිතිවිළි යහනේ නොනිදා සැතපී 
සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට 
ඔබට කළෙමි ආයාචනා 
(F)-එවන් රැයේ මාගෙ පැලේ තනිවී 
ඔබ ගැන සිතමින් නොනිඳා සිටිමී 
හැබැහින් ඇවිදින් මා හමුවන්නට 
ඔබට කළෙමි ආයාචනා 
(M)-මා පෙර සසරේ පැතූ පැතුම් 
මා මෙම සසරේ සිතූ සිතුම් 
මා මතු සසරේ උපදිනවා නම් 
ඔබ මට හමු විය යුතුයි කියා 
(F)-පෙර දවසක මා මලක් පුදා 
පෙර දවසක පහනක් දල්වා 
දන්නවාද කළ ප්‍රාර්ථනා 
ඔබ මට හමු විය යුතුයි කියා 
*****INTERLUDE***** 
*****CHINTHAKA ***** 
*****BOK වැඩක්***** 
(M)-මලක් කඩා මා දෝතට දුන්නා 
එ මල පුදාලා මොනවද පැතුවේ 
(F)-මේ සසරේදිත් මතු සසරේදිත් 
ඔබ මට හමු විය යුතුයි කියා 
(M)-මා පෙර සසරේ පැතූ පැතුම් 
මා මෙම සසරේ සිතූ සිතුම් 
මා මතු සසරේ උපදිනවා නම් 
ඔබ මට හමු විය යුතුයි කියා 
(F)-පෙර දවසක මා මලක් පුදා 
පෙර දවසක පහනක් දල්වා 
දන්නවාද කළ ප්‍රාර්ථනා 
ඔබ මට හමු විය යුතුයි කියා