ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය
: චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ
මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා ,
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ ,,
මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා ,
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ ,,
මගෙ ජී,විතයම
ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුණේ
එතරම් අසරණ වී
නෑ කිසි දින තනි වී
මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා ,
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ ,,
කිසි ලෙසකින් හෝ
වටහා දෙනු බෑ
සෙනෙහස දෙවි කමකී
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ
මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා ,
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ ,,
thank you.