කාන්දම් දෑස දල්වා
රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
රෑ හීන වැස්සා
කාන්දම් දෑස දල්වා
රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
රෑ හීන වැස්සා
මුදු ලැම ගැස්සෙන තාල මං දන්නා
නිදි නැති රෑ
මට ආදර හී සර හැඟුමන් ආවා
තනි වෙනු බෑ
ඉහ අද්දර චංචල දේවල් මේවා
නිහඬ යාමේ පා වීලා
ඔබව තාමත් සිහි වෙන්නා
තුරුණු හීනේ පේ වීලා
සොඳුරු වාරම් පෑහෙන්නා
කාන්දම් දෑස දල්වා
රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
රෑ හීන වැස්සා
මුදු ලැම ගැස්සෙන තාල මං දන්නා
තරුමිනි ඔච්චම් පාවී දැන්
හදවත වත්තම් වේවී ආදරෙන්
තරුමිනි ඔච්චම් පාවී දැන්
හදවත වත්තම් වේවී ආදරෙන්
මේ හැඟුම් දේවී
සිතුවිලි සිත්තම් පාවී නම්
ඉඟිබිඟි කැන්දන් ඒවී සීරුවෙන්
දී ලැඟුම් ගෑවී
නැතුවට සළුපිලි, මුතු රන් රිදී
මෙම පණ වැනි මානම් ආශා
යාවෙන් මා හා
රෑ හීනෙන් ප්රේමෙන් ආවා
කිසි පල නැති, ලොව ඔබ නැති
මෙම පණ වැනි මානම් ආශා
යාවෙන් මා හා
රෑ හීනෙන් ප්රේමෙන් ආ හඹා
තරුමිනි ඔච්චම් පාවී දැන්
හදවත වත්තම් වේවී ආදරෙන්
මේ හැඟුම් දේවී
සිතුවිලි සිත්තම් පාවී නම්
ඉඟිබිඟි කැන්දන් ඒවී සීරුවෙන්
දී ලැඟුම් ගෑවී
මිණි මුතු අගේ
නැත ඔබ වගේ
පෙම් කඳ මගේ
රන්දොර ආදරේ
හා-ආ-ආ-ආ, චන්දන වගේ
සුවඳට ඔබේ
මන් මත් වෙනවා
සොඳුරුයි ජීවිතේ
පෙම් හඟුම් මවනා
මල් සිනහ දෙනවා
නීල කඳු ගැටේ
ගේන නිදහසේ
මතින් මත් වුනා
කුළුඳුල් ආදරේ
තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ
නොදුටුව පෙම් ගංඟා
නෙත් ඉවුරේ හංගා
මා සිත කලඹනවා
ග්රීෂ්මයෙන් සුව කැන්ඳා
වසන්තයක් කරපින්නා
සිසිල ගෙන එනවා
එනවා
එනවා