කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුරා ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
මතු මා පැතු කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුර ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා