මගේ නීල නෙතු සඟලින්~ඉන්ද්‍රානි බෝගොඩ
මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්
*****Music*****
මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා
මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්
*****Music*****
හඳ එළියේ හාන්සි වී
ඒ කවියේ රස වින්ඳා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්ඳා
මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්
*****සයුරි මන්දිරා*****