menu-iconlogo
huatong
huatong
Liedtext
Aufnahmen

(F) මතක ලන්තෑරුම් අඳුර මැද

ඔබේ හුස්මක සුවඳ දැනුනා

අහම්බෙන් වට මුරුගසුන් වැහි

මැද්දෙ මම තනියෙන්ම තෙමුනා

කියන්නම මග බලාගෙන් උන්

වචන අමතක වෙලා රිදුනා

දැනුනෙ නැතුවට මගේ කඳුලින්

කමිස උරහිස තෙමී තිබුනා

(M) මතක ලන්තෑරුම් අඳුර මැද

හුස්ම නොතියා ඉන්න තිබුනා

අහම්බෙන්වත් මුරුගසන් වැහි

නොදී ඈතට යන්න තිබුනා

කියන්නම ගිය වචන අමතක

වුනත් මගෙ හදවතට දැනුනා

නොදැනුනා වාගේම උන්නට

සුදු කමිස උරහිසට රිදුනා...

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

(The Next Level)

(M) පරවෙලා මිහිදන් වෙලා උන්

හිත ඔහේ පරවෙන්න තිබුනා

නිල් පාට කටරොලු මලෙක නිල

පිපුණු හිතකට දෙන්න තිබුනා

(F) තනිය හුරු මට මගේ ලෝකේ

තනිය තනි නොකරන්න තිබුනා

එදා ඔය ඇස් දිහා නොබලම

බිම බලාගෙන යන්න තිබුනා...

𝐀𝐫𝐭𝐢𝐬𝐭𝐬: 𝐊𝐚𝐫𝐮𝐧𝐚𝐫𝐚𝐭𝐡𝐚𝐧𝐚 𝐃𝐢𝐯𝐮𝐥𝐠𝐚𝐧𝐞

𝐀𝐛𝐡𝐢𝐬𝐡𝐞𝐤𝐚 𝐖𝐢𝐦𝐚𝐥𝐚𝐰𝐞𝐞𝐫𝐚

𝐋𝐲𝐫𝐢𝐜𝐬 : 𝐀𝐛𝐡𝐢𝐬𝐡𝐞𝐤𝐚 𝐖𝐢𝐦𝐚𝐥𝐚𝐰𝐞𝐞𝐫𝐚

𝐌𝐞𝐥𝐨𝐝𝐲: 𝐓𝐡𝐚𝐫𝐢𝐧𝐝𝐮 𝐏𝐫𝐢𝐲𝐚𝐧𝐤𝐚𝐫𝐚

𝐌𝐮𝐬𝐢𝐜: 𝐋𝐚𝐡𝐢𝐫𝐮 𝐃𝐞 𝐂𝐨𝐬𝐭𝐚

Mehr von Karunarathna Divulgane/Abhisheka Wimalaweera

Alle sehenlogo