menu-iconlogo
logo

Shrungarini

logo
Liedtext
ශෘංගාරිනී නිදනා ලතාවෙන් නිශායාමයේ

ශෘංගාරයේ හැඟුමන් වෙලයි රෑ පුරා ආත්මයේ

උණුසුම් හාදුවක් මවලා

සියුමැල් දෙතොලතර තවරා

සිව් ඇස් එකිනෙකට ගැටිලා

කතා කලා

සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී

මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

දිගැති නිල් නෙතු යුගලේ

මායමින් මත්වෙලා

සියුම් දෙකොපුල් මවන සිතුවම්

රාග හෝරාවේ

උණුසුම් හාදුවක් මවලා

සියුමැල් දෙතොලතර තවරා

සිව් ඇස් එකිනෙකට ගැටිලා

කතා කලා

සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී

මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

ලවන් සන්තර්පනයේ

මුදු පහස සුව දෙනා

නිසල තිසරුන් රසය බෙදමින්

පහස වින්දාවේ

උණුසුම් හාදුවක් මවලා

සියුමැල් දෙතොලතර තවරා

සිව් ඇස් එකිනෙකට ගැටිලා

කතා කලා

සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී

මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී