නානානේ නානේනේ නානා
නානේනේ නානේනේ නානා
අළු පාට හැන්දෑවක
සුදු පාට මල් යායක
අළු පාට හැන්දෑවක
සුදු පාට මල් යායක
කිරි සිනා කැටිව මුව අග
කලු පාටට ඔබ පිපුනා
කළු ලිලී මල් කැකුලී
කළු ලිලී මල් කැකුලී
විල් දියේ නිල් ජල මත වළාකුළු මෙන් පාවෙන
සුදු හංස රෑනක් මැද කළුපාටට ඔබ දිලුනා
කළු හංස රූ රැජිනි
රූ රැජිනි රූ රැජිනි
සුදු හුනින් පිලියම්කල
බොල් පිළිම දහසක් මැද
සෙල්මුවා පිලිමයව ඔබ
කලුදිය පොකුණ ගාවා
දැකුම්කළුවට සිටියා
දැකුම්කළුවට සිටියා
දැහැන්ගත සිත මිදුනා
දැකුම් කළු වෙත බැඳුනා
ස්නේහයෙන් එය වෙලුනා
කළු ලිලී මල් පිපුණා
කළු ලිලී මල් පිපුණා