මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ
ඔබ මගේ යයි ඔබ මට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අත ගෙන අන් සතු වුයේ
මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ
Music
ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
සිහින මැවූ පෙම් කුමාරියේ
ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
සිහින මැවූ පෙම් කුමාරියේ
සිහින ලොවේහී මා තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ
මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ...
Music
අමතක කල ඒ අපේ අතීතය
මින් පසු මතකයට නගනු එපා
අමතක කල ඒ අපේ අතීතය
මින් පසු මතකයට නගනු එපා
පති කුලයට යන අහිමි කුමාරියෙ
ඔබ හට සෝ දුක වෙන්න එපා
ඔබ හට සෝ දුක වෙන්න එපා
මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ
ඔබ මගේ යයි ඔබ මට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අත ගෙන අන් සතු වුයේ
මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ