හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ