menu-iconlogo
huatong
huatong
etunesdream-star-wasse-cover-image

Wasse

eTunes/Dream Starhuatong
porterlanehuatong
Lyrics
Recordings
මන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්

කඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයා

ස්නේහ පාශයේ කුරුළු තටු සැලුමන්

තුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරා

කෝල පාවී ලං විලා

තරු යායේම හැංගිලා

මල් රූපේ ලස්සන දැකලා

සඳ චුට්ටක් ඉගි කළා

සේද පාරේ පීනනා

හංස රෑනේ නැටුමේනා

නිම්න පාරේ අත්වල නගනා

නිල් තුරු පත් රඟනා

රෑ මල් යාමේ මල්වර වෙන්නා

තරු පාරේ සංවර වෙන්නා

දිලෙනා හිනාවේ

මේ නිශාවෙන් මං තාලේ සොයන්නම්

ගී රාවේ ඉගිලී යන්නා

කඳු යායේ මල් ඇහෙරෙන්නා

සඳ කියන වාරන් මල්දාරම්

වැහි හීන මවන්නා

වැස්සේ මල් රේණු වැස්සේ

ඇසින් ඇස ගැස්සේ

මල් වියන් අස්සේ

හේ හේ

වැස්සේ මල් රේණු වැස්සේ

ඇසින් ඇස ගැස්සේ

මල් වියන් අස්සේ

ගෙත්තම් මී තුරු පත් පවා

සිත්තම් මෙලෙසින් හිත නිවා

හිම සීතේ හිරිගඩු පිපිනා

කඳුරැල්ලේ සැතපෙනා

මේ යායේ මල් නිසා

සන්සුන් කම් පවරනා

සියතුන් සිංදුවකින් පිනා

පොඩි රහසක් එලිවුනා

මීදුම් රැල් පටින් සළු වියනා

තරු අරන් හැඩකර කියනා

සළු පැලදාවදෙන්

මේ යාමෙන් තුරු විලාසිතාවෙන්

මීවිතම ගී රොන් දෙන්නා

මල් රොනින් ඇස් මත් වෙන්නා

ඔච්චම් කලදෙන්

ලන්වුනාදෙන් මනලෝල ලතාවෙන්

වැස්සේ මල් රේණු වැස්සේ

ඇසින් ඇස ගැස්සේ

මල් වියන් අස්සේ

හෝ හෝ

වැස්සේ මල් රේණු වැස්සේ

ඇසින් ඇස ගැස්සේ

මල් වියන් අස්සේ

මන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්

කඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයා

ස්නේහ පාශයේ කුරුළු තටු සැලුමන්

තුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරා

වැස්සේ මල් රේණු වැස්සේ

ඇසින් ඇස ගැස්සේ

මල් වියන් අස්සේ

හෝ හෝ

වැස්සේ මල් රේණු වැස්සේ

ඇසින් ඇස ගැස්සේ

මල් වියන් අස්සේ

More From eTunes/Dream Star

See alllogo