SONG LYRICS ARRANGED 
BY  
PART 01 MALE 
PART 02 FE MALE 
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ 
නදී නිම්නයේ රුවක් ඉන්නවා 
ඒ රූප නාරී ඉදී නෙත් ඇරන් 
රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින් 
මට තාම සීතයි මගේ රත්තරන් 
ලා ලාල ලා ලාල ලලල්ලා.. 
හ්ම් හ්ම් හ්ම්හ්ම්හ්ම් හ්ම්ම්.. 
  ගස වට කරනා මේ මල් පිපුනා 
අතු ඉති හැදුනා හැම දවසේ.. 
ඇයි අද වාගේ පෙර කවදා හෝ 
විසිතුරු නැත්තේ මේ පියසේ... 
ලිහිණි කුරුල්ලෝ අදයි ගෙනාවේ 
පෙම් කව ලියවූ පොත අපගේ 
සසැලේ.... සිත මා.. ඇයි ඒ... මිහිරේ 
නිමල් නිල් වලා සෙමින් ලංවෙලා 
රටාවන් අඳී වලා මණ්ඩලේ.. 
කවුරුන්ද ඇදුනේ එවන් රූ තුලින් 
ඒ මාද නැහැනේ ඔබයි ඒ ලඳුන් 
මට තාම සීතයි මගේ රත්තරන් 
  පදුම කුමාරී පද්ම වනේහි 
මේ ලස්සන පෙර නැහැ දුටුවේ 
මිටියාවතෙහි සෙවනැලි අතරින් 
අප මේ ලෙස පෙර නැහැ බැලුවේ 
ඇගිලි අගින් හෝ පනින පවන් හී 
ඉන්න එපා ඔබ මට නොදැනී 
සසැලේ.... සිත මා.. ඇයි ඒ.. මිහිරේ 
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ 
නදී නිම්නයේ රුවක් ඉන්නවා 
ඒ රූප නාරී ඉදී නෙත් ඇරන් 
රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින් 
මට තාම සීතයි මගේ රත්තරන්