Part 01 Female 
Part 02 Male 
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
පාවෙන නිල් කඳු රැල්ලේ.. 
මීදුම් සළු ඇතිරිල්ලේ.. 
දෑතින් දෑතම එතුනා.. 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ 
සුදු සඳ වියනේ චන්දන අරනේ 
තාරකා මල් තුරුලේ.. 
ලා හිරු කිරනේ දේදුණු සෙවනේ 
සිත් යාවෙන මංගල්ලේ.. 
ජීවන තොටුපල සොයා ඇදෙනතුරු 
ආදරයේ රන් නෞකා.... 
ඈතට ඉඟිලෙන සුදු පරවියෙනේ 
ආසිරි ගීතය ගයනා... 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ 
පෙරඅත් භවයක බලාපොරොත්තුව 
මේ භවයේ හමුවූවා.. 
නෙතුසර අංජන තොල්පෙති රංගන 
හෙට දවසක් ගැන සිතුනා... 
පුරුදු හිනාවට කැකුළු කතාවට 
අශාවේ මල පිපුනා... 
ගඟුලෙ දිය රැලි පවනෙ සැනකෙලී 
ආදරයට සුභපැතුවා.. 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
පාවෙන නිල් කඳු රැල්ලේ.. 
මීදුම් සළු ඇතිරිල්ලේ.. 
දෑතින් දෑතම එතුනා.. 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
Song Sushan 
Photography Melbourne