menu-iconlogo
huatong
huatong
avatar

Kadula Itin Samaweyan

Keerthi Pasquelhuatong
miss_king_77huatong
Lyrics
Recordings
කදුල ඉතින් සමාවෙයන්

අපි වෙන් වෙමු අද හවසට

මගෙ ගෙපැලට ඇය එනවා

සිරි යහනේ තනි රකින්න

කදුල ඉතින් සමාවෙයන්

අපි වෙන් වෙමු අද හවසට

මගෙ ගෙපැලට ඇය එනවා

සිරි යහනේ තනි රකින්න

කළු වළාව නැගෙන්නෙපා ගගට උඩින් හැන්දෑවට

මුදුන් ලීය යටින් පොළොවේ

ගොම හේදෙයි අලුත් පිටම

කන්ද කපා හද පායා සදරැස් යහනට වඩින්න

සද එළියෙන් ඇගේ ගතේ

පිපි ගෝමර මල් දකින්න

කදුල ඉතින් සමාවෙයන්

අපි වෙන් වෙමු අද හවසට

මගෙ ගෙපැලට ඇය එනවා

සිරි යහනේ තනි රකින්න

මල් දෙවැටේ වතුසුදු මල්

පිපේවි ඈ පිළිගන්නට

උපුල් තලා ඔමරි සිනා

මතුවෙයි මල් පරදන්නට

බිළිදු ගෙනා කිරි සුවදක්

ගෙපැල දොරින් හමා එන්න

ඉඩ දීයන් වළාකුලේ

මගේ සිහිනය මල් පිපෙන්න

කදුල ඉතින් සමාවෙයන්

අපි වෙන් වෙමු අද හවසට

මගෙ ගෙපැලට ඇය එනවා

සිරි යහනේ තනි රකින්න

කදුල ඉතින් සමාවෙයන්

අපි වෙන් වෙමු අද හවසට

මගෙ ගෙපැලට ඇය එනවා

සිරි යහනේ තනි රකින්න

මගෙ ගෙපැලට ඇය එනවා

සිරි යහනේ තනි රකින්න

මගෙ ගෙපැලට ඇය එනවා

සිරි යහනේ තනි රකින්න

More From Keerthi Pasquel

See alllogo