menu-iconlogo
huatong
huatong
avatar

Katharaka Thanivi | Cover

Nadeemal Pererahuatong
__SanDaRu__huatong
Lyrics
Recordings
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී

හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී

ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ

පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී

ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී

ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී

තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි..

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී

හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී

ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ

පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ..

විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු

දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු

දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී

මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී..

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී

හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී

ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ

පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ..

More From Nadeemal Perera

See alllogo