menu-iconlogo
huatong
huatong
avatar

Mama ahawwa horen මං ඇහැව්වා හොරෙන්

Rookantha Gunathilakahuatong
rufy904huatong
Lyrics
Recordings
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

මං ඇහැව්වා හොරෙන් හදවතින්

මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා

මට හදවත කිව්වා තව පොඩ්ඩක්

කල්පනා කළොත් හොදයි කියා

මම පැත්තකට වුණා

හදවත කී දෙය ගැනම සිතා

හද පැත්තකින් තබා

ඔයා ගැනම කල්පනා කළා

ඔයා ගැනම කල්පනා කළා

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

කල්පනාව ගැඹුරුයි

මැවෙනා සිතුවම් හරි සොඳුරුයි

පෙර ආත්මයකදිත්

සිතුවම් කල්පනා..වෙ දැවටේ

සිත දැහැන්ගත වුණා

කල්පනාවෙ ඈ..තට යන්න ගියා

මගෙ ගත නිසල වුණා

පෙර ආත්මයට මා අරන් ගියා

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

පෙර ආත්මයේදිත් ඔයා

මගෙ විනීත බිරිඳම වෙලා

මේ ආත්මයේදිත් පතා

ආ නිසාලු අපි එක්වීලා

පව් කරපු නිසා...

ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා..

මේ ආත්මයෙදි දැන්

එක සෙවණක ඉන්න බැරි වෙලා

මම ඇහැව්වා හොරෙන් හදවතින්

මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා

මට හදවත කිව්වා තව පොඩ්ඩක්

කල්පනා කළොත් හොදයි කියා

මම පැත්තකට වුණා

හදවත කී දෙය ගැනම සිතා

හද පැත්තකින් තබා

ඔයා ගැනම කල්පනා කළා

ඔයා ගැනම කල්පනා කළා

Song Sushan

Photography Melbourne

More From Rookantha Gunathilaka

See alllogo
Mama ahawwa horen මං ඇහැව්වා හොරෙන් by Rookantha Gunathilaka - Lyrics & Covers