සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
️
පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිදින්නම් සැමදා
ලගින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
️
ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පීරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගෙයි සදා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
️ By