menu-iconlogo
huatong
huatong
avatar

Hiru mal kiniththak dara

Ruwan Hettiarachchihuatong
༆✪༄𝐍𝐔𝐖𝐀𝐍✪༄𝐆𝐨🇱🇰huatong
Lyrics
Recordings
(F)හිරු මල් කිනිත්තක් දරා

සිහිලැල් පියාපත් සලා

සුළඟින් හොරෙන් මග අසා

එන්නම් සැනින් ඔබ සොයා

(M)මතකෙන් ඉඩක් ඉල්ලලා

තුරුලෙන් ලැගුම් ගෙන එදා

හසරැල් ලොවක් හිත මවා

හෙට මා.. ඔයාගේ වෙනවා

(M&F)හෙට මා.. ඔයාගේ වෙනවා

(F)සන් සනන නන සනන නන

සනන නන. සනන නන. සනන නන.

සනන නන. සනන නන .නනා නා...

(F)සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා

කියා දෙන්න ඔබගේ සෙනෙහස.කොතෙක් දැයි කියා

(M)අහංකාර මාගේ හිත දැන්.ඔබේ ළඟ තමා

නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්නෙපා

(M&F)හිතේ මැවුන ප්‍රේම කව්යේ.හිඩැස් තැන් මකා

හිදින්නට හිතයි සුවසේ.තුරුල් වී සදා

රැයේ දුටුව හීන රහසේ.හැබෑ වී මෙදා

පුරුද්දද්ද මේ දිවියේ.මටත් නොහැගුනා

Birthday party with Surangi

(F)පහන් තරුකාවක් වාගේ.හදේ පායලා

ගිලන් පෙම් පැතුම් හිත පතුලේ.කොහේටද වෙලා

(M)නෙතින් වැටුණු කදුලැල් ඔබගේ.අතින් පිස දමා

සිනාසෙන්න ආසයි හැම කල්.ඔබේ ලොව පුරා

(M&F)පහන් ටැබ වෙලා දිවි ගමනේ.නවාතැන් සොයා

රැදෙන්නට හිතයි සෙවනේ.සුසුම් හැර දමා

ඔබෙන් ලැබුණ ආදරේ නම්.අනන්තෙට එහා

පුරුද්දද්ද මේ. දිවියේ.මටත් නොහැගුනා

(F)හිරු මල් කිනිත්තක් දරා

සිහිලැල් පියාපත් සලා

සුළඟින් හොරෙන් මග අසා

එන්නම් සැනින් ඔබ සොයා

(M)මතකෙන් ඉඩක් ඉල්ලලා

තුරුලෙන් ලැගුම් ගෙන එදා

හසරැල් ලොවක් හිත මවා

හෙට මා ඔයාගේ වෙනවා

(M&F)හෙට මා ඔයාගේ වෙනවා

Thank you

More From Ruwan Hettiarachchi

See alllogo

You May Like