menu-iconlogo
huatong
huatong
Lyrics
Recordings
කිමද රාවණා, නුඹ නේන කාරණා

කන්කළු රාවණා, වෙණ නද නෑසෙනා

හදවත පාරනා, පැතිරෙන කාරණා

කඳුළු බර වැඩී, දෑසට රාවණා

කාරණා මං කියන්නම්

පෑරෙනා හිත හදන්නම්

වේදනා පිස නිවන්නම්

රාවණා මා, මන්දෝදරී

සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ

ප්රේමයේ දෙවඟන නුඹයි ගිරි මාලිගේ

මදාරා මල් අතර සැඟවූ ප්රේම ආලක මණ්ඩපේ

මියෙන තුරු සොඳුරුතම රතීවෙන්

නුඹ තමා මන්දෝදරී

කාරණා මං කියන්නම්

පෑරෙනා හිත හදන්නම්

වේදනා පිස නිවන්නම්

රාවණා මා, මන්දෝදරී

අඳුරු කළුදිය පොකුණ සැඟවුන

කටුක අමිහිරි බෝ රහස් ඇත

අතීතය සිත ගොළු කරයි, මා ආදරී

ගැඹුරු සිතුවිලි අතර සැඟවී

නුදුරු ලෝකයේ සැඟව යමු අපි

අතීතය හීනයක් නොව මන්දෝදරී

කාරණා මං කියන්නම් (කිමද රාවණා)

පෑරෙනා හිත හදන්නම් (නුඹ නේන කාරණා)

වේදනා පිස නිවන්නම් (කන්කළු රාවණා)

රාවණා මා (වෙණ නද නෑසෙනා)

මන්දෝදරී (මා රාවණා)

More From Tharindu Damsara/Chamara Karunanayaka/Kethaki Suraweera

See alllogo
Mandodari by Tharindu Damsara/Chamara Karunanayaka/Kethaki Suraweera - Lyrics & Covers