menu-iconlogo
huatong
huatong
Letras
Grabaciones
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ....

ඇයි මේ තරම් වේදනා ආදරේ...

සුසුමක් වුණේ ඇයී අපගේ සෙනේ...

කඳුළක් වුණා ඔබ මගෙ ජීවිතේ...

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ...

ඇයි මේ තරම් වේදනා ආදරේ....

සඳ තාරකා මල් පිපෙනා රැයේ...

රිදවුම් ගෙනේ සිත රෑ තුන් යමේ...

හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතිං...

මතු දා ගෙනේවා සැනසුම් පවන්...

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ....

ඇයි මේ තරම් වේදනා ආදරේ....

නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ....

මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ...

මගෙ මේ සුසුම් වැල් ඔබ හට ඉතිං...

මතු දා ගෙනේවා සැනසුම් පවන්....

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ...

ඇයි මේ තරම් වේදනා ආදරේ...

සුසුමක් වුණේ ඇයි අපගේ සෙනේ...

කඳුළක් වුණා ඔබ මගෙ ජීවිතේ...

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ...

ඇයි මේ තරම් වේදනා ආදරේ...

Más De Chandrasena Hettiarachchi

Ver todologo