ගේයපද කරුණාරත්න අබේසේකර 
ගී තනුව සහ සංගීතය පී. එල්. ඒ. සෝමපාල 
ගායනය එච්. ආර්. ජෝතිපාල 
සමග සුජාතා අත්තනායක 
චිත්‍රපටය රත්තරන් අම්මා (1975) 
 ️Song Disathi ️ 
1st Male 2nd Female 
හද සල්ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ 
වැල සල්ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ 
 Music  
අහසේ වළාවෙන්.. දිනිඳා වැසේදෝ 
නොසිතූ විලාසෙන්.. අඳුරේ ගිලේදෝ 
අස්ථීර මේ ලෝකේ.. ආලේ ද සිහිනේකී 
ගංගා ජලේ ගලනා.. සයුරේ හා වේදෝ 
හද සල් ගසේ එතෙනා.. වැල මෙසේ ලියලාදෝ 
 සංගීතය  
එළඹී වසන්තේ.. කෙවිලී හඬයි දෝ 
බඳිනා කැදැල්ලේ.. සුවසේ වෙසෙයි දෝ 
අසමාන ආශාවෝ.. රෑ පේන සිහිනේකී 
සන්සුන් පැතුම් පතනා.. නුදුරේ ඉටුවේදෝ 
වැල සල්ගසේ එතිලා.. මල් පිපී හිනැහේදෝ 
 දිසති