( නිළි රැජිණ. මාලනී ෆොන්සේකාට සංවේදී.විරුදුවක්. )
# විරිදු ගායනා ; නලින්
# අප්ලෝඩ් / by .Kamal
*_*_*_*
අඩ සියවසකටත් වඩා..
හදවත් සුවපත් කෙරු..
හැඩ වැඩ සුකුමාල ලලිත.
රූපෙන් අග තැන් දැරූ..
___
හඩ ඇසුනත්.රුව දුටුවත්.
මතකයි .මියනා තුරු..
ඉඩ දෙන්නේ කොහොම යන්න..
සමගින් වස වත් මරු..
___
දහස් ගනන් රූප රාමු.
සිනහවෙන් හැඩ කල..
දහස් ගනන් රූප රාමු.
කදුළැල්ලෙන් තෙත් කල..
___
දහස් ගනන් ජන හදවත්.
රැගුමෙන් මුස පත් කල..
රහස් නොමැති රැජිණියනේ..
දේවා කල පිං පල..
___
එක් දහස් නමසිය හතළිස්
හත වර්ෂයෙ ඉපදුන..
ලක් සිනමා ඉතිහාසයේ.
රැජිණ නුඹයි. වැජබුන..
___
හැත්තෑ අට වසරක් ඉද. අපගෙන් වෙන්වී යන..
හිත් සැනසු මාලනියේ..
පාලූයි මුළු දිවයින..
___
නිවී ගියත් මිණි පහනේ . නිවී නෑ ආලෝකය..
මැවී පෙනේ මුදු සිනහා.
පාරා හද ශෝකය..
___
තැවි දැවේ ඔබ නැතිදා.හෙළ සිනමා.ලෝකය..
නිවි සැනසුනොත් ආයේ..
ඒ ඔබ ආදාකය..
___
සැනසුනේ හැටි නුඹේ රැගුමෙන්.තව අමතක නැනේ..
ජන හදවත් සැනසූ පින.
ලැබ දේවා සහනේ..
___
සැනසී ගොස් එන බාධකයක් දෙසසර ගමනේ
සැනසේවා.සැනසේවා.
දුක් කෙලවර ගමනේ..
අප්ලෝඩ් by Kamal