අෑත ක්ෂිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වළා සළුපට අතරින්
මම ඔබ වෙත එන්නම්
අෑත ක්ෂිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වළා සළුපට අතරින්
මම ඔබ වෙත එන්නම්
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරියෙ ඔබ මාගේ
අෑත ක්ෂිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වළා සළුපට අතරින්
මම ඔබ වෙත එන්නම්
සඳලුතලාවේ මුනින් තලා වී
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්
අෑත ක්ෂිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වළා සළුපට අතරින්
මම ඔබ වෙත එන්නම්
මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම්
සඳමඩලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්
.
..