menu-iconlogo
huatong
huatong
avatar

Sulagak Wee

Edward Jayakodyhuatong
62072268051huatong
Paroles
Enregistrements
Sirasa Family

(B)සුලගක් වී මා යනවා දුර අහසේ ඇවිදින්නට

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ

(A)අහසක් සේ දූ යන මග පුළුන් වලා අතුරනවා

එහෙමයි මගෙ දෝණි මං අල්ලන්නේ

පන වාගේ මගෙ දූ මං රැක ගන්නේ

Sirasa Family

(B)මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා

ලොකු ගස් වැල් කඳුවැටි හෙම උඳුරා දමනවා

අප්පච්චි කොහොමද මං වලකන්නේ

(A)මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා

ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා

මං ලග නොවැ දූ සැමදා සැනසෙන්නේ

Sirasa Family

(B)මං බොරු තරහක් ගන්නව ඇස් රතු වෙනකල් හඩනවා

තුරුළට අරගෙන හිටියත් නැලන්නැතුවම ඉන්නවා

අප්පච්චි කොහොමද මං නලවන්නේ

(A)දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬේනවා

දූගේ කඳුළු මං දන්නවා දූ නැළවෙනකන් හඬනවා

මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ

(B)සුලගක් වී මා යනවා දුර අහසේ ඇවිදින්නට

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ

(A)අහසක් සේ දූ යන මග පුළුන් වලා අතුරනවා

එහෙමයි මගෙ දෝණි මං අල්ලන්නේ

පන වාගේ මගෙ දූ මං රැක ගන්නේ

Sirasa Family

Davantage de Edward Jayakody

Voir toutlogo
Sulagak Wee par Edward Jayakody - Paroles et Couvertures