මිනිසා කුසීත කම්මැලි
වැටී පරාජ වී යනවා
ගින්නේ දැවෙනා දර වාගේ
අළු වීලා නැති වෙනවා
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
අනුකම්පා නැති දෛවේ හිනාවේ
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
Music
පෙරදා පෑවූ හිරැ නැග බැසලා
එළි වෙනවාදො රෑ වෙනවාදො
වෙනදා විලසින් දඟ සමනලයින්
මල් පැණි බීලා ඉගිලෙනවාදො
එදා මෙන් වලාකුළු අහසේ
තාමත් නැගේදො
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
අනුකම්පා නැති දෛවේ හිනාවේ
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
Music
අත්වැල් අරගෙන සිත් බැඳියන් ලොව
නෙත්කළු තැන් වල හැසිරෙනවාදො
ඇස් ඇති මිනිසුන් ලස්සන දේවල්
දැක දැක හිනැහී සැනසෙනවාදො
මෙදා අන්ධ නෙත් දෙක මාගේ
කවදා පෙනේදො
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
අනුකම්පා නැති දෛවේ හිනාවේ
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
Music
තුඩගෙහි තුඩගා සුමියුරැ රස බී
අරැමැති සිතුවිලි පවසනවාදො
මා හද තෙරපෙන ආදර හැඟුමන්
සුපෙම්වතුන් තුල පවතිනවාදො
මගේ අරැම ආදර සිහිනෙන්
තමා දිවි රැකෙන්නේ
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
අනුකම්පා නැති දෛවේ හිනාවේ
සොබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ
Aakash Noval Production