Akash Wickramage
අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවාද මගේ සටහන්
එකක්වත් ගැන නොවිමසා...
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට
අලුත් පෙම් වාසය නිසා...
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන
Akash Wickramage
පරිච්චේදය ඉවර කෙරුවට
පොතේ පිටු තව තියෙනවා
සැබෑ අවසානය කියෙව්වම
ඔයත් මං වගෙ හඬනවා...
ඔයත් මං වගෙ හඬනවා...
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන
Akash Wickramage
වැහි බිඳක් වත් නොමැති කතරෙත්
පතොක් මල් නම් පිපෙනවා
කිලෝ ගානට දුක් විඳපු හිත
තාම ඔබ ගැන හොයනවා...
තාම ඔබ ගැන හොයනවා...
අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවාද මගේ සටහන්
එකක්වත් ගැන නොවිමසා
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට
අලුත් පෙම් වාසය නිසා
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන...
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන...
Akash Wickramage