menu-iconlogo
huatong
huatong
avatar

mee pirunu suwada mal wane

Rookantha Gunathilakehuatong
paulhitchen44huatong
Paroles
Enregistrements
මී පිරුනු සුවද මල් වනේ

ආදරය සිනාසෙනු පෙනේ

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

රැව් නැගී තුරුනු හදබිමේ

ජීවිතේ අරුත දැන් දැනේ

හැගුම් පිබිදිලා දෙතොල් මතුරලා

කතා කරයි පියා සල සලා

සිහිනෙකින් හරී සිතන්නට බැරී

ඉදුනිලක් ලැබී කැලුම් දෙයි පිරී

විමන් නොපතමී යහන් නොසොයමී

ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමී

නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා

නින්ද යයි සුවෙන් නිසන්සලේ

රැව් නැගී තුරුනු හදබිමේ

ජීවිතේ අරුත දැන් දැනේ

හැගුම් පිබිදිලා දෙතොල් මතුරලා

කතා කරයි පියා සල සලා

මී පිරුනු සුවද මල් වනේ

ආදරය සිනාසෙනු පෙනේ

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

කොකුන් තවරලා සදුන් මුසුවෙලා

සුගන්ධය ගලයි සුලගෙ විසිරිලා

පෙරදි තැනකදී දිනෙක බැදි බැදී

හිටිය හැටි සිතේ මතකේ ඇදි ඇදී

ඒ ගැනත් මෙසේමයි ඒ දිනත් මෙවාගෙයි

පෙම් පහන් දිලේ භවෙන් භවේ

මී පිරුනු සුවද මල් වනේ

ආදරය සිනාසෙනු පෙනේ

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

රැව් නැගී තුරුනු හදබිමේ

ජීවිතේ අරුත දැන් දැනේ

හැගුම් පිබිදිලා දෙතොල් මතුරලා

කතා කරයි පියා සල සලා

කතා කරයි පියා සල සලා

කතා කරයි පියා සල සලා

Davantage de Rookantha Gunathilake

Voir toutlogo
mee pirunu suwada mal wane par Rookantha Gunathilake - Paroles et Couvertures