menu-iconlogo
huatong
huatong
avatar

Sulagak Wela

Shihan Mihiranga Bennethuatong
wine9maphuatong
Paroles
Enregistrements
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ

සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ

හමුවු දිනේ හිත බැඳීලා සෙනේ

මුලු ජීවිතේ ඔබටමයි ආදරේ..

සිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ

සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

ඔබ මට කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ

තුරු වදුලෙ හැන්ගී සිපගද්දී

දැනුනා මට සුවේ

සිසිල දෙන මේ නදී තෙරේ

තුරුලු වුනු මාගෙ හංසියේ

හැමදාම මේ ලෙසින් බැඳී

ඉඳිමු යැයි කිව කුමරියේ

ඔබ නේද දන්නෙ තාම ඒ රහස දන්නේ

ඔබමයි සොයන්නේ සෑමදා මා පතන්නේ

පෙර සේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ

ගලන දිය වාගේ ලඟ නොරැදී කොහිදෝ ඔබ ගියේ

දිය සුළිය කුරීරු වු ලෙසේ

ඇයිද ඔබ මාව හැඬවූවේ

හඬමි මම මේ නදී තෙරේ

ඇයිද ඔබ මා දමා ගියේ

ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ

සුළඟක් වෙලා සෑමදා මන් සොයන්නේ

හමුවු දිනේ හිත බැඳීලා සෙනේ

මුලු ජීවිතේ ඔබටමයි ආදරේ..

සිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ

සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

.

..

Davantage de Shihan Mihiranga Bennet

Voir toutlogo