Isurumuniyehi
Singer:Chtral (Chity) Somapala
Original Singer:Chthra Somapala
Lyrics: Piyasena Costa
Music: P.L.A.Somapala
for Duet(1)/(2)
for "පවන" Family
*****(Music)****
(1)ඉසුරුමුණියෙහි පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ....
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ..
(2)ඉසුරුමුණියෙහි පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ....
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ..
*****(Music)****
(1)තුරුලට ලංවී පෙම් රස උරනා
රසයේ රස උල් පා....
පෙමටම කැප වුනු පෙම් යුවලකී ඒ
සීගිරි රජ දවසේ..
ඉසුරුමුණියෙහි පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ..
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ..
*****(Music)****
(2)පිවිතුරු සුකුමොල පෙම්බරියගෙනේ
සිහිලස ලයට වැදී...
ආලය මේ යැයි පැවසෙන ගීතය
ඔබ වෙනුවෙන් ගිලිහේ..
ඉසුරුමුණියෙහි පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ..
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ..
*****(Music)****
(1)සුලලිත පියයුරු හා පුන් ඉග සුග
එකටෙක පරදාලා..
පෙම් ලොව වැජඹුණු අග මෙහෙසිය දැයි
කියන්න කුමරියනි..
(1/2)ඉසුරුමුණියෙහි පැතැලි ගලක ඒ
ආලය ලීලය පෑ....
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ..