මදුර වසන්තය මැවුනා 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
පාවෙන නිල් කඳු රැල්ලේ.. 
මීදුම් සළු ඇතිරිල්ලේ.. 
දෑතින් දෑතම එතුනා.. 
(M)ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
(M)සුදු සඳ වියනේ - චන්දන අරනේ 
තාරකා මල් තුරුලේ.. 
ලා හිරු කිරනේ - දේදුණු සෙවනේ 
සිත් යාවෙන මංගල්ලේ.. 
(F)ජීවන තොටුපල -සොයා ඇදෙනතුරු 
ආදරයේ රන් නෞකා.... 
(M)ඈතට ඉඟිලෙන- සුදු පරවියෙනේ 
ආසිරි ගීතය ගයනා... 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
(F)ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
(F)පෙරඅත් භවයක- බලාපොරොත්තුව 
මේ භවයේ හමුවූවා.. 
නෙතුසර අංජන -තොල්පෙති රංගන 
හෙට දවසක් ගැන සිතුනා... 
(M)පුරුදු හිනාවට -කැකුළු කතාවට 
අශාවේ මල පිපුනා... 
(F)ගඟුලෙ දිය රැලි -පවනෙ සැනකෙලී 
ආදරයට සුභපැතුවා.. 
ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
(M)ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
පාවෙන නිල් කඳු රැල්ලේ.. 
(F)මීදුම් සළු ඇතිරිල්ලේ.. 
(M&F)දෑතින් දෑතම එතුනා.. 
(M)ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා 
(F)ගිම්හානේ හද නිවුනා.. 
මදුර වසන්තය මැවුනා