නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා 
වෑහෙ කැලුම් නුරා මා ඔබේ පෙම්බරා 
සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා 
ගියද නොසිතු යුරා මා ඔබේ පෙම්බරා 
මිහිරි සුවඳ ඔබේ මහද වතට එබේ 
පෙරදි දිනක බවේ ලදිමි එවන් සුවේ 
සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා 
ගියද නොසිතු යුරා මා ඔබේ පෙම්බරා 
නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා 
වෑහෙ කැලුම් නුරා මා ඔබේ පෙම්බරා 
Music 
මාද ඔබද මෙසේ දෙපොළ දෙතැන වෙසේ 
දිනක මෙලොව කුසේ පතමි රැඳෙන ලෙසේ 
සසරෙ එකට සරා පැමිණ පෙරුමි පුරා 
ගියද නොසිතු යුරා මා ඔබේ පෙම්බරා 
නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා 
වෑහෙ කැලුම් නුරා මා ඔබේ පෙම්බරා