ගලනා සිතුවිලි ඉවුරු තල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මං උන්නා
ඒ හීනයේ හැඩරුව හඳුනා ඔබෙ දෑස මානයේ එය මැවුවා
අපි උරුම ලෝකයේ ඉවුරු සොයා
නොමියෙන ආදරේ හඳුනා
ළඟ උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
පිබිදෙන තටු ඉතින් විහිදා
දළු ලන ස්නේහයෙන් වෙලීලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
රූරා හැලෙනා තරු අහුරු අවුරා
පළඳා දෑසේ සතුට අපි වින්දා
අපි ආදරෙන් ජීවිතේ කියවා
ඒ ජීවිතෙන් ලෝකයක් සනසා
යමු ඉතින් ඉන්න විඳීමක් සොයනවා
ඕ නුඹ මා ලඟින් දැනෙනා හින්දා
මා කිසි දිනේ නොවැටී උන්නා
යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
නොමියෙන ආදරේ හඳුනා
ළඟ උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
පිබිදෙන තටු ඉතින් විහිදා
දළු ලන ස්නේහයෙන් වෙලීලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
ගලනා... ඉවුරු තල බින්දා
සිහිනේ... තැනක මං උන්නා
ගලනා... ඉවුරු තල බින්දා
සිහිනේ
නොමියෙන ආදරේ හඳුනා
ළඟ උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
පිබිදෙන තටු ඉතින් විහිදා
දළු ලන ස්නේහයෙන් වෙලීලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා