ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - ශාමිලා හුසේන්
තනුව - දර්ශණ වික්‍රමතුංග
*****වාඩියේ වැඩක්*****
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී.....
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී.....
*****වාඩියේ වැඩක්*****
උන්නදා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැතී....
ලෝභ නෑ හිත අහිමිදා අද
මමත් දැන් මට හිමි නැතී....
*****වාඩියේ වැඩක්*****
නුඹ ලගත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී...
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී....
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී.....
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී.....
*****වාඩියේ වැඩක්*****
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - ශාමිලා හුසේන්
තනුව - දර්ශණ වික්‍රමතුංග
( Track Created By Indu_P)