වන මලට ආසාවේ වන බඹරා ආවා සේ 
මගේ ප්‍රේමි ආවා සොයා 
ඕ මේ ආවේ 
මගේ තුරුලේ සැනසිල්ලේ 
ඔබ තුරුලෙ නැලවිල්ලෙ 
මම මිහිර දෙන්නම් සදා 
කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ 
මගෙ පෙම් ලොවේ රාජයා 
ඕ මේ ආවේ 
අතගන්න සැනසිල්ලේ නැලවෙන්න සුදුවැල්ලෙ 
ඔබ එන්නකො මා සොයා 
පිලිගන්න මේ ආලේ දැන් නේද හොඳ කාලේ 
මනරංජනීයේ සුදා 
පිලිගන්න මේ ආලේ දැන් නේද හොඳ කාලේ 
මනරංජනීයේ සුදා 
ඔබ නේද සුර කෙල්ල පෙම් ලෝකෙ ගිනි දැල්ල 
රඟදෙන්න මිහිරේ සදා 
රඟදෙන්න මිහිරේ සදා 
කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ 
මගෙ පෙම් ලොවේ රාජයා 
ඕ මේ ආවේ 
අතගන්න සැනසිල්ලේ නැලවෙන්න සුදුවැල්ලෙ 
ඔබ එන්නකො මා සොයා 
සුවඳයි මලයි වාගේ ඔබගෙයි මගෙයි ආලෙ 
පවතීවා ලෝකෙ සදා 
සුවඳයි මලයි වාගේ ඔබගෙයි මගෙයි ආලෙ 
පවතීවා ලෝකෙ සදා 
පෙම් ලෝකෙ ගෙන ආවෙ රඟපාන හැම වේලේ 
සුරසිහින කීවේ සුදා 
සුරසිහින කීවේ සුදා 
වන මලට ආසාවේ වන බඹරා ආවා සේ 
මගේ ප්‍රේමි ආවා සොයා 
ඕ මේ ආවේ 
මගේ තුරුලේ සැනසිල්ලේ 
ඔබ තුරුලෙ නැලවිල්ලෙ 
මම මිහිර දෙන්නම් සදා 
කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ 
මගෙ පෙම් ලොවේ රාජයා 
ඕ මේ ආවේ 
අතගන්න සැනසිල්ලේ නැලවෙන්න සුදුවැල්ලෙ 
ඔබ එන්නකො මා සොයා