menu-iconlogo
huatong
huatong
jackbro-sagare-sihilal-cover-image

Sagare sihilal

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
Testi
Registrazioni
(M)  සාගරෙ සිහිලැල් පාවෙන රළ වැල්

මේ වෙරළට දී හාදු රහසක් කියාවී

(F)  හෝ.....

එ ගොළු බස පෙම් දනිමි මම නම්

මා දෙනෙතට ලංවීලා බලතොත් පෙනේවී

එ ගොළු බස පෙම් දනිමි මම නම්

මා දෙනෙතට ලංවීලා බලතොත් පෙනේවී

(M)  හිරු නැග බැස යයි මදනල දිවයයි

සෙනෙහස අපගේ ලියලයි දළුලයි

හිරු නැග බැස යයි මදනල දිවයයි

සෙනෙහස අපගේ ලියලයි දළුලයි

(F)  පෙර සංසාරේ හිඳ හුරු පුරුදු

සුවඳක් ඔබගෙන් පිටවී එයි

ඒ අද වාගේ කමණීය සැන්දෑවකයි

(M)  සාගරෙ සිහිලැල් පාවෙන රළ වැල්

මේ වෙරළට දී හාදු රහසක් කියාවී

(F) එ ගොළු බස පෙම් දනිමි මම නම්

මා දෙනෙතට ලංවීලා බලතොත් පෙනේවී

(F)  ඔබ හඬ සුවදේ සවණට සුවදේ

මට මා කවුදැයි අමතක වී යයි

ඔබ හඬ සුවදේ සවණට සුවදේ

මට මා කවුදැයි අමතක වී යයි

(M)  පිපෙන නෙළුම් මල පැහැති දෙකම්මුල්

සිතක සුරංගන හීන මවයි

(M/F)  හො. අපි දෙන්නා මේ රැල්ලයි වැල්ලයි වගේ

(M)  සාගරෙ සිහිලැල් පාවෙන රළ වැල්

මේ වෙරළට දී හාදු රහසක් කියාවී

(F) එ ගොළු බස පෙම් දනිමි මම නම්

මා දෙනෙතට ලංවීලා බලතොත් පෙනේවී

(M)  සාගරෙ සිහිලැල් පාවෙන රළ වැල්

මේ වෙරළට දී හාදු රහසක් කියාවී

Altro da JackBro

Guarda Tuttologo