menu-iconlogo
huatong
huatong
avatar

Sara goiya

Samitha Mudunkotuwahuatong
meghanjami1huatong
Testi
Registrazioni
SONG GANGA DILRUKSHI

DIL MUSIC

ඕ ...ඕ ...ඕ ....ඕ ...හයි....

සරා ගොයියා හරි මිනිහා...

සරා ගොයියා හරි මිනිහා...

තුවක්කුවක් කරේ තියා....

දවසක් දඩයමේ ගියා...

සරා ගොයියා හරි මිනිහා...

සරා ගොයියා හරි මිනිහා...

තුවක්කුවක් කරේ තියා....

දවසක් දඩයමේ ගියා...

සරා ගොයියා හරි මිනිහා...

INTER

රාළහාමි කෙනෙක් එදා...

සයිකලයක නැගී සදා...

ඕ රාළහාමි කෙනෙක් එදා...

සයිකලයක නැගී සදා...

වෙල අයිනේ පාර දිගේ

පැට්රෝල් ගොස් එන අතරේ

සරා ගොයියා යනු දුටුවා...

INTER

සරා විහිළුවකට හිතන්...

තුවක්කුවත් අතට අරන්...

ඕ.. සරා විහිළුවකට හිතන්...

තුවක්කුවත් අතට අරන්...

පැනලා එම වැටට උඩින්

දුවන්ට විය බොහොම තදින්...

පස්සත් නොබලා විගසින්...

INTER

රාළහාමි මේ දැකලා...

සරාව ගැන සැක හිතලා...

ඕ...රාළහාමි මේ දැකලා...

සරාව ගැන සැක හිතලා...

විගහට බැස දනිපනිලා...

බයිසිකලය පසෙකටලා...

පස්සෙන් එළවන්ට වුනා...

INTER

ඕ... ඕ... ඕ...

නියර දිගේ කුඹුර දිගේ...

නියර දිගේ කුඹුර දිගේ...

වතුර වලේ මඩ වගුරේ...

වැටට උඩින් කඩුලු උඩින්

වැටි වැටි දුවතිය දෙන්නා

අහළ පහළ හිටි කොලු රැල

මේ දෙන්නට හිනා උනා....

INTER

වෙලේ හිටිය වහු පැටියා...

රාළහාමිට බය වීලා....

ඕ... වෙලේ හිටිය වහු පැටියා...

රාළහාමිට බය වීලා....

දුවන්ට සැරසුන හින්දා රාළහාමි කඹේ හැපී

දඩෝරියන් බිම පෙරළී...

INTER

මුහුණ පුරා මඩ නැවුනා...

වෙස් මුහුණක් වාගෙ වුනා...

ඕ... මුහුණ පුරා මඩ නැවුනා...

වෙස් මුහුණක් වාගෙ වුනා...

සූට් එකෙන් දිය පෙර පෙර

නැගිටීගෙන කොර ඇන ඇන

ආයෙත් එළවන්ට වුනා...

INTER

මේ බව දුටු කපටි සරා...

හිනා වෙමින් නැවතීලා...

ඕ... මේ බව දුටු කපටි සරා...

හිනා වෙමින් නැවතීලා...

හෙමින් හෙමින් හති ඇර ඇර

වෙල මැද්දේ ඉ‍දගත්තා...

රළහාමි ද කිට්ටු වුනා...

INTER

රාළහාමි පැනපු ගමන්...

සරාගෙ අත අල්ලා ගෙන...

ඕ.. රළහාමි පැනපු ගමන්..

සරාගෙ අත අල්ලා ගෙන...

කොහෙද යකෝ උඹ දිව්වේ

දුවලා බේරෙන්නද බොල

මගෙන් එහෙම බැරිවේවි...

INTER

මොකද රාළහාමි ඇයී ...

වැරැද්ද මම කරපු මොකෝ...

ඕ... මොකද රාළහාමි ඇයී ...

වැරැද්ද මම කරපු මොකෝ...

කොයිද යකෝ ලයිසන් එක

දීපන් එය බලන්ට මට

සෙල්ලමකට හිතුවද උඹ..

INTER

සරා එවිට ඉණ අතගා...

ලයිසම ඔහු අතට ගෙනා...

ඕ... සරා එවිට ඉණ අතගා...

ලයිසම ඔහු අතට ගෙනා...

මෙන්න රාළහාමි කියා

ලයිසම ඔහු අත තැබුවා

රාළහාමි මෝඩ වුනා...

INTER

මොකටද එහෙනම් මිනිහෝ...

තුවක්කුවක් ගෙන දිව්වේ...

ඕ... මොකටද එහෙනම් මිනිහෝ...

තුවක්කුවක් ගෙන දිව්වේ...

තමුසෙට ඇයි මගේ දිවුම මොකටද පස්සෙන් ආවේ

පුදුම වැඩක් නේද මේක...

INTER

දුවන්නටත් අද ලයිසන්...

ගන්නට ඕනද රළහමී ...

ඕ... දුවන්නටත් අද ලයිසන්...

ගන්නට ඕනද රළහමි...

කියා ඇහුව කලට සරා රාළහාමි ලජ්ජා වී

හිනා වෙලා යන්ට ගියා...

BY GANGA DILRUKSHI

DIL MUSIC

Altro da Samitha Mudunkotuwa

Guarda Tuttologo