menu-iconlogo
huatong
huatong
avatar

Gaga Addara Ma

Vijaya Kumarathungahuatong
pataberhuatong
Testi
Registrazioni
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී

හද සන්තක විය අනුහස් ආසිරි ගී

ඔබ හමුවේ මා.. මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ

ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ

පිබිදුනි ආශා… ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා

සංසුන් වූ තරමින් නොසැලෙනවද

බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා

චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ

මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ

මා හද රහසේ බැදුනා පහසේ

ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ

ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ

ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා

සංසුන් වූ තරමින් නොසැලෙනවද

බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා

චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා

ඔබේ රුව ඡයා ….සැ‍ගවේ පායා

ඔබේ රුව ඡයා …..සැ‍ගවේ පායා

Altro da Vijaya Kumarathunga

Guarda Tuttologo