menu-iconlogo
huatong
huatong
avatar

Rosa Puraneta

Athula Adhikarihuatong
Mr.Upekssha_Nhuatong
歌詞
レコーディング
ගායනය - සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී

පද - ජෝජ් රොබ්සන් ද සිල්වා

තනුව - අතුල අධිකාරී

*****වාඩියේ වැඩක්*****

(M)රෝස පුරාණෙට මධු සඳ පායන

දිනය අදයි මට සිතුණා

නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්

මල්සර සිතිවිලි පිපුණා

ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත

ආදර හැඟුමින් පිරුණා

(F)මල්සර කුමරුනි දිනය උදාවුණි

එකම ලොවක අප රැඳෙනා

මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය

එකම සිතක අප රැඳෙනා

සුව මිහිර විඳින්නට කුමටද අවසර

ඔබ තුරුලේ මා රැඳුණා

*****වාඩියේ වැඩක්*****

(M)ජීවිතේ පැතුම් පුරන්න

මා ළඟින් රැඳෙන්න ඉන්න

සිහින සැබෑ වෙනවා

(F)මල් වසන්තයේ හිඳින්න

මා ළඟින් සුවේ ලබන්න

දිවියම සැනසෙනවා

(M)මධු සඳ හිනැහෙනවා

(F)දෙසිතම සැනසෙනවා

(M)රෝස පුරාණෙට මධු සඳ පායන

දිනය අදයි මට සිතුණා

නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්

මල්සර සිතිවිලි පිපුණා

(F)සුව මිහිර විඳින්නට කුමටද අවසර

ඔබ තුරුලේ මා රැඳුණා

*****වාඩියේ වැඩක්*****

(M)වාසනා ලබන්න ඔන්න

ආදරෙන් ළඟින්ම ඉන්න සොඳුරු ප්‍රියාදරියේ

(F)මා වෙතින් දුරස් නොවන්න

ආදරෙන් සදා හිඳින්න දිවියම සැනසෙන්නේ

(M)සෙනෙහස පුද දෙනවා

(F)සඳ තරු දිවුරනවා

(M)රෝස පුරාණෙට මධු සඳ පායන

දිනය අදයි මට සිතුණා

නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්

මල්සර සිතිවිලි පිපුණා

ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත

ආදර හැඟුමින් පිරුණා

(F)මල්සර කුමරුනි දිනය උදාවුණි

එකම ලොවක අප රැඳෙනා

මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය

එකම සිතක අප රැඳෙනා

සුව මිහිර විඳින්නට කුමටද අවසර

ඔබ තුරුලේ මා රැඳුණා

(M)ආදර හැඟුමින් පිරුණා

(F)ඔබ තුරුලේ මා රැඳුණා

(M)ආදර හැඟුමින් පිරුණා

(F)ඔබ තුරුලේ මා රැඳුණා

(M)ආදර හැඟුමින් පිරුණා

ගායනය - සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී

පද - ජෝජ් රොබ්සන් ද සිල්වා

තනුව - අතුල අධිකාරී

(Track Created By Indu_Dilini)

Athula Adhikariの他の作品

総て見るlogo