menu-iconlogo
huatong
huatong
歌詞
収録
දෝතින් දරා මල් පූජාසනයේ

දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ

පායා ඇවිදින් සිහින ඍතුවේ

මා හට ඉඩ දෙන්න සිත් ආරණ්යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ

මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ

මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ

නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි

මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි

රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම හුරුයි

පෙම් කරනා විට මහද සෙනෙහස ගොලුයි

පායා ඇවිදින් සිහින ඍතුවේ

මා හට ඉඩ දෙන්න හිත් ආරණ්යයේ

මා හට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්යයේ

පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ

ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ

පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි

මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරේ

පායා ඇවිදින් සිහින ඍතුවේ

මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ

මට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්යයේ

මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ

Bachi Susan/Sanath Gamage/Thilina Boralessaの他の作品

総て見るlogo