menu-iconlogo
huatong
huatong
歌詞
レコーディング
Cover by Sahan Elvitigala

සිහිනයේ පාවෙලා ඇවිත්

මා ලඟින් සැතපුනා

මා හදේ පෙම් කතා පොතේ

කතාවක් ලියවුනා

සීතලේ ගතට ලං වෙලා

රහසකුත් කොඳුරලා

ආදරේ සුවය මා සදා

සිහිනයෙන් වින්දා

මිහිරාවියේ.. සිහින කුමරී

මගේ ආදරේ.. ඔබයි කුමරී

මා ජීවිතේ සදා සිහිනේ

මිහිරාවියේ..

Music

සමනල්ලු රෑනේ ඇවිත්

සිහිනයම හැඩ කලා

ආදරෙන් කී කතා අසා

අපි වටා පියැඹුවා

පෙම් සුවේ මිහිරි ආදරේ

අපි එක්ක විඳලා

සමනල්ලු මල් රොන් සොයා

පියඹලා දුර ගියා

මිහිරාවියේ.. සිහින කුමරී

මගේ ආදරේ.. ඔබයි කුමරී

මා ජීවිතේ සදා සිහිනේ

මිහිරාවියේ..

Music

සිහිනයෙන් අවදි වී ඉතින්

මා ඔබව සෙව්වා

ඔබ සිටියේ නෑ මා ලඟින්

ආයේ මා තනිවෙලා

සමනල්ලු රෑනේ ඔබත්

පියඹලා ගියා දෝ

ආයෙමත් එන්නෙ මා සොයා

සිහිනයෙන් විතරදෝ

මිහිරාවියේ.. සිහින කුමරී

මගේ ආදරේ.. ඔබයි කුමරී

මා ජීවිතේ සදා සිහිනේ

මිහිරාවියේ..

මිහිරාවියේ.. සිහින කුමරී

මගේ ආදරේ.. ඔබයි කුමරී

මා ජීවිතේ සදා සිහිනේ

මිහිරාවියේ..

Cover by Sahan Elvitigala

S Tunes

Shihan Mihiranga Bennetの他の作品

総て見るlogo