menu-iconlogo
huatong
huatong
가사
기록
මේ සේද මාවත දිගේ

කෙම්බිමට දොර හැර තිබේ

මේ මං මාවත් දිගේ මුණගැසෙනා නවයුගයෙයි අපි ඉන්නේ

මේ සේද මාවත දිගේ

කෙම්බිමට දොර හැර තිබේ

මේ මං මාවත් දිගේ මුණගැහෙනා නවයුගයෙයි අපි ඉන්නේ

දුර අතීතේ ළයට ළය පා

ලබාදුන්නට අභින උරුමේ

මහ අභිමානෙන් ලෙයින් ම ලියලා

ලබා දුන්නට මේ පින් මහිමේ

ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා

ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා

හෝ ගාන මුහුදු වාගේ

මේ යෝධ ගඟුල් සිඹිනා

රෑ සීත නළ රැල් පවා සුවඳයි අපේ සුවඳයි මේ එන්නේ

හෝ ගාන මුහුදු වාගේ

මේ යෝධ ගඟුල් සිඹිනා

රෑ සීත නළ රැල් පවා සුවඳයි අපේ සුවඳයි මේ එන්නේ

අපි ගැන ලෝකෙම අපි ගැන අපිටම

පුදුම හිතේවි සත්තකින්ම අද

ලෝ අනන්තෙට අතට අත දී

බෙදා දුන්නට අපේ සිරි අසිරිය

ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා

ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා

සී සාන ගල්කුළු පුරා

සරුසාර අස්වනු සදා

බෝ ආයු පුදනා තුරා සැක නැතුවයි බය නැතුවයි ඉන්නේ

සී සාන ගල්කුළු පුරා

නිති සරුසාර අස්වනු සදා

බෝ ආයු පුදනා තුරා සැක නැතුවයි බය නැතුවයි ඉන්නේ

අපි ගැන ලෝකෙම අපි ගැන අපිටම පුදුම හිතේවි සත්තකින්ම අද

සොබාදහමේ සැබෑ ලස්සන

ලබාදුන්නට විඳගන්න අපට

(ස්තූතියි ශ්රී ලංකා - ස්තූතියි ශ්රී ලංකා)

ඔබගේ පපුතුරේ හිරෙන් පණ ලැබී

ඔටුනු හිස දැරූ අපි ඔබේ දරුවෝ

ලොවේ කොයි වෙතත් රැඳී ගයමි මා

සදා ඔබේ අගේ

சிறகை விரித்துக் கொண்டு உயர உயரச் செல்வோம்

உலகம் வியக்கும் நாம்

ஓரு தாய் மக்கள்

இயற்கை எம் வளம்

உழைப்பு எங்கள் மனம்

சிகரம் இலங்கையே

ස්තූතියි ශ්රී ලංකා

ස්තූතියි ශ්රී ලංකා

bathiya/Santhush/Kasun Kalhara/Shanika Wanigasekara의 다른 작품

모두 보기logo