[Upload කිරීම TONE POEM පවුල වෙනුවෙන් Vishwa]
හිරු එබෙනා ගුරු පාරේ
සුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ මා
ආදරී ආදරී....
[Upload කිරීම TONE POEM පවුල වෙනුවෙන් Vishwa]
නිදි දෙව්දුවට හොරින් නී
නෙතු පිය අද්දර ඉන්නේ
රහසින් එබී බලන්නී
යලි සැඟවී යන්නී
Music
අහසට හිරු ඕනෑමයි
පොළොවට දිය ඕනෑමයි
මා ජීවිතෙත් ඔබමයි
මේ නෙතු පියෙනා තුරා
[Upload කිරීම TONE POEM පවුල වෙනුවෙන් Vishwa]
අඳුරුයි ඒ සැන්දෑවේ
අප හමුවූ ගුරු පාරේ
කඳුලින් ඔබ සමු ගත්තේ
නිහඬයි අඳුරුයි මා ලෝකේ
Music
කඳුලට ඉඩ දී යන්නම්
හීනෙන් වත් එනවා නම්
මා සිහිනේ රැඳිලා ඉන්නම්
හීනෙන් හමුවන්නම්
හිරු එබෙනා ගුරු පාරේ
සුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ මා
ආදරී ආදරී ආදරී ආදරී....
[Upload කිරීම TONE POEM පවුල වෙනුවෙන් Vishwa]