menu-iconlogo
huatong
huatong
siyumini-opayangi-mohothaka-hamuwemu-cover-image

Mohothaka Hamuwemu.. ⚔️ මොහොතක හමුවෙමු..

Siyumini Opayangihuatong
⚔️ʟᴇɢᴇɴᴅꜱ™🔰𝗣𝗔𝗪𝗔𝗡_𝗗⚔️huatong
가사
기록
___මොහොතක හමුවෙමු___

No - 28

Requested by - Shivi

.............................

කාලය නැවතුණ මොහොතක හමුවෙමු

හමුවී ප්‍රේමයෙ සිත්තම් තවරමු

රහසකි ආදරේ..... සිත තුළ සැඟවුණු

හිමි බව දැනුණත් අන්සතු වූ සිහිනය....

____Music____

මංමුලා වූ ජීවිතයෙ සරදම්..

අමතක කර ඔබෙ තොල් සිපගන්නම්..

නෙතුඅග වැලපෙන ඔබෙ කඳුළැලි ගෙන...

මගෙ පපුතුරුලේ උණුහුම දෙන්නම්..

මතකය පාරා හඬනා කඳුළැල්..

අතරේ ඔබ මගේ වේනම් මොහොතක්....

____Music____

ඔබ ලය මඬලේ තුරුලේ ඉන්නම්..

සිත්තම් කල ආලේ විඳගන්නම්..

ආගිය මගතොට මතකය සිහිකර...

අන්සතු බව අමතක කර ගන්නම්..

පැතුමකි හද පාරන මේ මොහොතේ..

ඔබ මගෙ කරගන්නට මතු භවයේ..

කාලය නැවතුණ මොහොතක හමුවෙමු

හමුවී ප්‍රේමයෙ සිත්තම් තවරමු

රහසකි ආදරේ... සිත තුළ සැඟවුණු

නොසිතූ ලෙසින් ඔබ මා ලඟ නැවතුණ..

Track by - Pawan_D

No - 28

19 / 11 / 2022

Siyumini Opayangi의 다른 작품

모두 보기logo

추천 내용