menu-iconlogo
huatong
huatong
avatar

Ansathu Oba | අන්සතු ඔබ

Thisara Weerasinghehuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
가사
기록

(A) අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා…

සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා

මග හැර යන්නට බැරි ලෙස බැඳිලා…

(B) සෙනෙහස උතුරන වදනට සිත් වී

ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

දැන දැන හිමි නොවෙනා බව නොදැනී

මම තව තව ඔබ වෙත පෙම් කරමී…

(B) ලොවටම රහසේ සිහිනෙක දැවටී

ඔබ ළඟ සැතපී මම සුව විඳිමී

(A) වරදක් නොකරම වරදෙහි බැඳුනී

සිත සනසාගෙන දුර හිඳ විඳිමී..

(B) සෙනෙහස උතුරන වදනට සිත් වී

ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

(A) දැන දැන හිමි නොවෙනා බව නොදැනී

මම තව තව ඔබ වෙත පෙම් කරමී...

(B) අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා...

සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා

මග හැර යන්නට බැරි ලෙස බැඳිලා...

(A) සෙනෙහස උතුරන වදනට සිත් වී

ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

දැන දැන හිමි නොවෙනා බව නොදැනී

මම තව තව ඔබ වෙත පෙම් කරමී...

Thisara Weerasinghe의 다른 작품

모두 보기logo

추천 내용