menu-iconlogo
huatong
huatong
daddy-chandrayan-pidu-cover-image

Chandrayan Pidu

Daddyhuatong
pmpower579huatong
Lirik
Rakaman
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ

මාගේ දිවියේ... අන්ධකාරේ

ඔබගෙන් පෙර නෑ... මා... කිසිදා

හිරු අග බැලුවේ...

නෑ මා කිසිදා... හිරු අග බැලුවේ

පැතුමන් අඳුරේ... සිරවූයේ

ඔබගේ සෙනහෙන් ආදරයේ.

අර්ථය ලැබුවේ...

කඳුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා... ගියේ... මා... තනිවී

සිසිරෙන් මුවාවූ වසන්තේ උදාවූ ලෙසේ...

චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා... හොරෙන්

වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්

වැගිරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්

ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්.

ඔබ මා හද පුබුදු කළේ...

වසන්තයයි මාගේ දෙතොලේ

සිහිවන්නේ ඔබෙ මුව හමුවේ

කැලඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ...

අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවෙයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ

රඟදෙයි ඔබ දෙසෙනා වදනන්, යහනේ තනිවී...

චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්

වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්

වැගුරූ ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්

ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්.

සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්.

ඔබ මා හද පුබුදු කළේ...

චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්

වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්

වැගුරූ ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්

ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්.

ඔබ මා හද පුබුදු කළේ...

Lebih Daripada Daddy

Lihat semualogo